Tuesday, April 28, 2015

ඇඩ්සෙන්ස් එපා වෙලාද?ඇඩ්සෙන්ස් නැතුව බ්ලොග් එකෙන් හොයන හැටි

                                           

 අපි ඉංග්‍රීසි බ්ලොග් එකක් ලියනවනම් ටාගට් කරන්නේ ඇඩ්සෙන්ස්.පෝස්ට් ටිකක් දානවා විසිටර්ස්ලා ටිකක් ආවට පස්සේ ඇඩ්සෙන්ස් ඉල්ලනවා.එක පාරක් ඉල්ලනවා දෙන්නේ නෑ ආයෙත් පෝස්ට් තුන හතරක් දාලා ඉල්ලනවා ඒත් දෙන්නේ නෑ තුන් වෙනි පාරටත් මෙහෙම උනහම බ්ලොග් එක ලියන එක අල්ලලා දානවා.බ්ලොග් එකක් ලියලා හොයන්න පුළුවන් ලේසිම විදිහ ඇඩ්සෙන්ස්.හොඳ ට්‍රැෆික් එකකුත් තියනවනම් මාසෙකට හොඳ ගානක් එනවා.හැබැයි ඕකට ටිකක් වැඩි ට්‍රැෆික් එකක් ඕනේ.දැන් ඇඩ්සෙන්ස් ගන්නව කියන එක ලේසි වැඩක් නෙවේ.ඒකට ටොප් ලෙවල් ඩොමේන් එකක් වැදගත් වෙනවා ගොඩක් වෙලාවට.
                ලේසිම විදිහ එහෙම වෙද්දි මම කියන්න යන්නේ මාසයක් විතර පොඩි කට්ටක් කාලා බ්ලොග් එකක් පටන් අරගෙන ඩේලි විසිටි ටිකක් හදාගෙන ඊළඟට බ්ලොග් එකෙන් හම්බ කරන විදිහක් ගැන ඇඩ්සෙන්ස් හරි දවසට ඩොලර් 0.20 විතර හම්බෙන වෙන ඇඩ් නෙට්වරක් නැතුව මාසෙට අඩුම තරමේ රු.5000 ක් (අඩුම ගාන ඔය) හොයන හැටි අපේ බ්ලොග් එකෙන්.බ්ලොග් එකක් ලියන්න පටන් අරගෙන ඒකේ ඩේලි විසිට් 500+ කර ගන්න විදිහ ගැන පියවරෙන් පියවර ලියන්න කියලා දෙන්න හිතන් ඉන්නවා.ඒත් එක්කම තැන් තැන් වල දාලා තියෙන SEO ගැනත් කියලා දෙන්න හිතන් ඉන්නවා.ඒ කියන්නේ අපේ බ්ලොග් එක සර්ච් එන්ජින් වලට අහුවෙන විදිහට හදා ගන්නේ කොහොමද,අපි දාන පෝස්ට් වලට සර්ච් එන්ජින් හරහා විසිටර්ස්ලා ගෙන්න ගන්නේ කොහොමද වගේ දේවල් ගැන.ඔය කියපු එකක්වත් දවසින් දෙකෙන් කරගන්න පුළුවන් දේවල් නෙවෙයි.ටිකෙන් ටික කරන්න ඕනේ වැඩ ටික කලාට පස්සේ අපේ බ්ලොග් එකේ ට්‍රැෆික් අනිවාර්යෙන් වැඩි වෙනවා.

                 මම කියන්න යන වැඩේට අඩුම තරමේ ඩේලි විසිටර්ස්ලා 500+ වත් ඕනේ.බ්ලොග් එකක් ලියන්න පටන් අරගෙන අපිට මේ ටාගට් එකට යන්න පොඩි වැඩ ටිකක් කරන්න තියනවා.ඒකයි මම කිව්වේ මාසයක් විතර බලන් ඉන්න වෙනවා කියලා.අපිට බ්ලොග් එකක් ලියන්න පටන් අරන් දෙවෙනි දවසේ ඒකට විසිටර්ස්ලා 100ක් 200ක් ගෙන්න ගන්න බෑනේ.ඕනේ නම් 2න්නෙක් ඉඳියි දවසට සතියක් විතර යනකල්.එහෙම කියලා වැඩේ අතෑරලා දැම්මොත් අවුල්.ඒ හින්දා අවුල් යන්නේ නැති විදිහට පාඩුවේ බ්ලොග් එක ලියන ගමන් ඒක් ට්‍රැෆික් වැඩි කරගන්න හැටි කියලා දෙන්නම්.
             මම මුලින්ම බ්ලොග් එක ලියන්න ගත්තේ ඇඩ්සෙන්ස් ගන්න හිතාගෙන.කොහෙන් වත් කොපි නොකර තනියම පෝස්ට් ටිකක් දාලා ඇඩ්සෙන්ස් ඉල්ලුවා.උනේ අර මුලින් කියලා තියන වැඩේ.ඒත් වැඩේ අතෑරියේ නෑ ඇඩ්සෙන්ස් පැත්තකින් තියලා බ්ලොග් එකෙ ට්‍රැෆික් වැඩි කරගන්න වැඩ කෙරුවා.අවසානෙට ඒ සේරගෙන්ම ප්‍රතිඵල දැන් තියනවා.
දැන් බලමු කොහොමද අර කියන විදිහට බ්ලොග් එක කරන්නේ කියලා.අපේ ටාගට් එක ඇඩ්සෙන්ස් නෙවේ.(හොඳ ට්‍රැෆික් එකක් හදා ගත්තට පස්සේ අපිට ඇඩ්සෙන්ස් දාගන්න ත් පුළුවන්)අපේ ප්‍රධාන අරමුණ බ්ලොග් එකට හොඳ ඩේලි ට්‍රැෆික් එකක් හදා ගන්න එක.බ්ලොග් එකක් ලියනවනම් කවුරුත් කියන දේ තමයි තමන්ගේ දැනුමෙන් තමන් දන්න දේ ගැන ලියන්න කියන එක.හැබැයි ඉතින් දවසට 10ක් 15ක් එන අතට කීයක්වත් එන්නේ නැති බ්ලොග් එකකට අපි කඩ්ඩෙන් පෝස්ට් ලියනවා කියන්නේ එපා වෙන වැඩක්.සාමාන්‍යෙයන් මට හොඳ පෝස්ට් එකක් ලියන්න අඩුම තරමේ පැයක්වත් යනවා.අපි කඩ්ඩ සුපිරි මිනිස්සු නෙමෙයිනේ ඉතින්.අහරෙන් මෙහෙන් කෑලි අහුලලා ග්‍රැමර් ටික හරියට දාලා පෝස්ට් එක්ක ලියනවා.හැබැයි මම අත්දැකීමෙන් කියනවා කොපි පේස්ට් නැති පෝස්ට් ට්‍රැෆික් එක වැඩි වෙන්න කෙලින්ම බලපානවා.සතියට පෝස්ට් තුනක් හතරක් දාලා අපේ බ්ලොග් එකේ ගමන යන්න බැරි වෙනවා.අඩුම තරමේ දවසට තුනක්වත් දාන්න ඕනේ.
              ඒක වෙන්නේ මෙහෙමයි.අපි කරන්නේ අපේ බ්ලොග් එකට ගැලපෙන සයිට් වලින් පෝස්ට් උස්සලා දාන එක.මුලින් වාක්‍ය දෙක තුනක පොඩි විස්තරයක් දාලා අර කොපි කර ගත්ත පෝස්ට් එක වර්ඩ් පෑඩ් එකට පේස්ට් කරලා එතනින් අරගෙන අපේ බ්ලොග් එකට දාගන්නවා.කෙලින්ම් කොපි කරලා ඔයාලගේ බ්ලොගර් වලට පේස්ට් කරන්න එපාගඑහෙම උනොත් ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් වගේ දේවල් අපේ පෝස්ට් එකටත් එනවාා.පෝස්ට් එකට අපිම pictures දෙක තුනක් දාලා යටින් ලින්ක් එක දානවා Original article here විදිහට අර ඔරිජිනල් පෝස්ට් එකේ ලින්ක් එක දානවා.මෙහෙම දවසට දෙක තුනක්වත් දාන්න ඕනේ.අපි මෙහෙම කරන්නේ බ්ලොග් එකට ට්‍රැෆික් එකක් හදා ගන්නකල් විතරයි.ඊට පස්සේ හිතට දැනෙන විදිහේ ගානක් එන බ්ලොග් එකට දවසක් ඇර දවසක් වත් පෝස්ට් එකක් ලියලා දාන එක  අවුලක් නැති වෙයි කියලා හිතෙනවා.
                     ඔහොම පෝස්ට් දාන ගමන් අපේ බ්ලොග් එක SEO කර ගන්න හැටි ගැන ඉස්සරහට කියනනම්

No comments:

Post a Comment