ඔන්න තවත් වැදගත් ලිපියක්. මේකත් පළ කරන්න හිතුවට වඩා ප්‍රමාද උනා. අද මම කියන්න යන්නේ Payza account එක verify කරන විදිය.
Payza account එක හදන විදිය මෙතනින කියවන්න පුළුවන්
අපි මුලින්ම බලමු Payza account එක verify කරන එකේ වැදගත්කම මොකද්ද කියල. Payza account එක verify නොකලත් අපිට ඒකට අපි උපයන මුදල්(PTC sitesවලින්) හුවමාරු කරගන්නවත්, ඒ මුදල් ලංකාවට ගෙන්න ගන්නවත් බාධාවක් නෑ. නමුත් verify නොකරපු
ගිණුමකින් ලංකාවට මුදල් ගෙන්නන් $25 ක් විතර මුදලක් වැය වෙනව. ඒක නිසා අපිට මුදල් ගෙන්වන්න තියන ලේසිම ක්‍රමය තමයි Payza prepaid card එක. ඒක visa කාඩ් එකක්ග ලෝකේ ඕනම තැනක atm එකකින් මුදල් ගන්න පුළුවන්. ඒ වගේම අපි Neobux Probux වගේ සයිට් එකක මුදල් ආයෝජනය කරනවනම් ඒකටත් Payza account එක verify කරල තියෙන්න ඕන.
හරි දැන් අපි බලමු Payza account එක verify කරන්න පුළුවන් ක්‍රම මොනවද කියල.
1. අපේ බැංකු ගිණුමක් Payza එකට සම්බන්ධ කරල ඒකෙන් $50ක් Payza එකට තැන්පත් කිරීම. නමුත් මේ ක්‍රමය දැනට ලංකාවට ක්‍රියාත්මක වෙන්නේ නෑ.
2. Credit card
එතෙන්දි අපිට තවත් ප්‍රශ්නයක් එනව. ඒක තමයි Credit card
මම පාවිච්චි කලේ Sampath web card එකක්.
මුලින්ම ඔයගේ Payza account එකට යන්න.
Main menu එකේ "My credit cards
එතකොට මේ වගේ page එකක් open වෙනව.
මේකේ අදාල විස්තර නිවැරදිව ඇතුල් කරල "next" button එක click කරන්න.
එතකොට මේ page එක open වෙනව.
එතන උඩින්ම තියන "validate credit card" click කරන්න.
ඊලඟට
මේකේ "validate by charge" යටතේ තියන validate your credit card ක්ලික් කරන්න.
මේ ෆෝම් එකේ CSV/CVV එක දීල next කරන්න.
දැන් එකෙන් $1- $2ත් අතර මුදලක් අපේ කාඩ් එකෙන් අය කරගන්නව. වැඩ කරන දින 2ක් ඇතුළත ඒ මුදල අපේ කාඩ් එකේ සටහන් වෙනව. දවස් දෙදකින් විතර card centre එකට call කරල payza එකෙන් අයකර ගනිපු ගාන හරියටම අහගන්න.
දැන් Payza account එකේ my credit cards ගියාම මේ වගේ පිටුවක් පෙන්නනව.
Submit amount click කරන්න.
දැන් ඒ ගාන මේ පිටුවට ඇතුල් කරන්න.
හරි, දැන් අපේ ගිණුම සහතික කරල ඉවරයි.
ගන්න හැටි ගැන කියන ලිපියකින් ආයිම හමුවෙමු. මේක ගැන ගැටලුවක් තියනම් කමෙන්ට් එකක් දාලා යන්න.
එහෙනම් යාළුවනේ ලබන්නා වූ නව වසර සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා!!!
ආයුබෝවන්...!!!

No comments:
Post a Comment