Friday, April 10, 2015

Boosting Qualifications



අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English දන්නේ නෑ, කරන්න මොකක් හරිදෙයක් දන්නේ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ English විතරයි. දැනුම ඔයා ලඟට එන්නේ නෑ, ඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. 

ඔයා මුකුත්ම නොදන්න දැන් ඉපදුන බබෙක් නෙමෙයිනේ. ඉතින් ඔයාට හොයාගෙන යන්න බැරි වෙන්නේ නෑනේ. ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.


1. English සිංදු අහන්න නිතරම.
2. English
සිංදු වල Lyrics අරගෙන කියවන්න.
3.
ඒවා ඔයාට දැනට තියෙන English දැනුමෙන් තේරුම්ගන්න බලන්න.
4.
තේරෙන්නේ නැති වචනයක් ආවාම Dictionary එකෙන් බලන්න.
5.
ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.
6. තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
7. English
උප සිරැසි එක්ක English Movies බලන්න.

             කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්න, ඔයාට ඉබේම හොන්ද English දැනුමක් එයි. ඔයාට හොන්ද වාක්‍ය ඛණ්ඩ (Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයාට දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා සිංහල Forum වල පුන්චි දේ පවා අහනවා, ඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්න? ඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා.

English දන්නවනම්, අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕන විදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආස, කැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.

ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්, ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. මං කලින් ලිපියකිනුත් කිව්වනේ දැනුම Monetize කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලා, ඉතින් ඔයා ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්.

ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනය කරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්න දේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි.

No comments:

Post a Comment