What is Fiverr?
Fiverr කියන්නේ
Online Mini Market Place එකක්.
ඒ කියන්නේ
අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping
Complex එකකට
ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම
භාණ්ඩයක්ම, හැම
සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම් කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත්
ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverr කියන තැනත්.
Fiverr එකේත්
භාණ්ඩ හා සේවාවන් තමයි විකිණෙන්නේ, හැබැයි මාධ්‍ය වෙනස්. ඇත්තම කිව්වොත් Fiverr
එකේ විකිණෙන්නේ නැති
දෙයක් නැති තරම්. දැන් ඔයා හිතනවා ඇති, මේ Fiverr කියන්නේ Online Market Place එකක් නිසා, ඕකේ විකුණන්න පුලුවන්
Online හෝ
Digital දේවල්
විතරයි කියලා, එහෙම
එකක් නැහැ. මෙතන කලින් කිව්වා වගේ ඕන දෙයක් විකුණන්න
පුලුවන්. Fiverr වල
විශේෂත්වය තමයි ඕන දෙයක් $5යි. ඉතින් Fiverr කියන්නේ $5ට වැඩකරන පුද්ගලයා.
උදාහරණයක්
විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා යනවා Shopping Complex එකකට. ඒක ඇතුලේ ඉන්න Sellersලා එයාලා විකුණන
භාණ්ඩ හා සේවාවන් තියාගෙන ඉන්නවා. එක ඇතුලට ගියපු ඔයා
ඒක ඇතුලේ කැරකෙද්දි එක එක ජාතියේ, ලස්සන දේවල් දකිනවා. ඉතින් ඔයා ඒ එක දෙයක්
මිලදීගන්නවා. එතනදී ඔයා ගත්තේ Entertainment දෙයක්.
තව
ටිකක් ඉස්සරහට යනකොට ඔයාට පේන්වා ඔයා කියවන්න ආසම කරන Sci-Fi Stories,
Science ගැන
පොත් ටිකක්. ඉතින් ඔයා ඒකෙනුත් එක පොතක් මිල්දී ගන්නවා. එතකොට මෙතනදී
ඔයා ගත්තේ Valuable Book එකක්.
මං
හිතන්නේ දැන් ඔයාට Idea එක
තේරෙනවා ඇති. ඔය විදිහට ඔයා Shopping Complex එක වටේ යද්දී ඔයට අවශ්‍ය දේවල් එක එක
පේන්න ගන්නවා. ඉතින් ඔයා ඒ දේවල් ගන්නව. මෙතනදි ඔයා ආස දේවල් වගේම
ඉගෙනගන්න අවශ්‍ය දේවලුත් ගත්තා. මේ දේම තමයි Fiverr
එක ඇතුලෙත් වෙන්නේ.
මේ පුන්චි උදාහරණය මෙහෙම කියන්න පුලුවන්.
මිනිස්සුන්ගේ අවශ්‍යතා හා වුවමනා ලස්සනට, අවංකව Fulfill කරනකොට ඒකට ඉල්ලුමක් ඇතිවෙනවා.
ඔයා
මොනාහරි දෙයක් කරන්න යනකොට වෙන්නේ මොකක්ද? කොහොමද කරන්නේ? කියලා දැනගෙන පටන්ගන්න.
එත්කොට ඔයාට වරදින තැන් ගොඩක් අඩු වෙනවා.
කෙටියෙන්ම
කිව්වොත් Fiverr එක
ඇතුලේ යන්නේ මිනිසාගේ වුවමනාවන් තෘප්තිමත් කිරීමයි. ඒ
නිසා ඔයාට තෘප්තිමත් කරන්න හොන්ද Want එකක් හෝ අඩුම තරමේ Need එකක්වත් මතකයට එන්නේ නැත්නම්
මුලින් එකක් මතක් කරගන්න Fiverr එකේ
වැඩ කරන්න කලින්.
Why Fiverr..?
ඔයා සමහරවිට දැන් ලෝක ප්‍රසිද්ධ Freelancer, oDesk වගේ සයිට් ගැන දන්නවා ඇති, සමහරවිට ඒවා කරන්න උත්සහා කරනවත් ඇති. මං Post එක පටන් ගනිද්දිම කිව්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න හොඳම තැන Fiverr කියලා. Fiverr කියන සයිට් එක අනිත් Freelancer, oDesk, Elance වගේ සයිට් වලට වඩා හොඳ වෙන්නේ, පටන්ගන්න ලේසී වෙන්නේ මේ දේවල් නිසා.➠ $5 එහෙමත් නැත්නම් රු.700 අවදානමේ දාන්න බැරි ගාණක්ද? මං එහෙම හිතන්නේ නැහැ. ඒ වගේම ලෝකේ ගොඩක් දෙනා හිතන්නෙත් එහෙම. ඉතින් මේ $5 කියන පුන්චි ගාන නැතිවුනා කියලා ඒ තරම් පාඩුවක් වෙන්නේ නෑනේ. ඒ නිසා Fiverr Sales වලින් පිරුන තැනක් වෙනවා අයාසයකින් තොරවම.
අපිට
පුලුවන් මේ කියන දේ අපේ, ඒ
කියන්නේ Fiverr Seller කෙනෙක්
විදිහට වාසියට
හරවා ගන්න. මේ නිසා තමයි මුලින්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න
කෙනෙකුට වුනත් මේකෙන් ඒතරම් අමාරුවක් නැතුවම සාර්ථක වෙන්න පුලුවන් කියලා
කිව්වේ.
➠ චුට්ටක් හිතන්නකෝ, වෘත්තිය මට්ටමේ Freelance Sites වලින් Project එකක් කරගන්න ගියාම යන වියදම. මේ කියන්නේ ඒ යන වියදම වැඩියි කියලා නම් නෙමේ. ඒක තමයි සමාන්‍ය Market Prize එක. ඉතින් ඒ වගේ ගාණක් වියදම් වෙන එක කිසිම අවුලක් නැහැ.
වෘත්තිය
මට්ටමේ Freelance සයිට්
එක්ක සසඳලා බලද්දී Fiverr කියන්නේ
Cheap Online MarketPlace එකක්.
මේක තමයි ප්‍රධානම හේතුව Fiverr සාර්ථක
වෙන්න බලපාන.
➠ Fiverr වලට වැඩිපුරම එන්නේ Online Marketersලා. මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ.
Outsource කියලා
කිව්වේ ලොකු Project එකක්
පොඩි පොඩි කෑලි වලට කඩලා ලාභෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්. වෘත්තිය මට්ටමේ Freelance
සයිට් එකකින්
එකපාර එක Project එකකට
ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන්
වෙන්නේ මේ නිසා.
➠ $5 කියන්නේ ගොඩක් පුන්චි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද?
එහෙනම්
මෙහෙම හිතන්නකෝ.ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා.
ඉතින් මාසෙට වැඩ 300 එනවා,
ඒ කියන්නේ 300
* 5 = $1500. දැන
මොකද ඔයා කියන්නේ? මේ
ගාණත් මදිද? මේ
වගේ අදායමක් සාමාන්‍ය මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්‍ය
කෙනෙක් වෙලත් Fiverr වලින්
මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා.
දැන්වත්
ඔයාට පේන්වද Fiverr වල
තියෙන Potential එක
එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන්
ආදායම.
➠ වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසා, එයා හොන්දම කෙනාව තමයි තෝරගන්න බලන්නේ.
නමුත්
Fiverr වල
එහෙම දේවල් අවශ්‍ය නැහැ. පළවෙනි Sale එක 24hr ඇතුලත
වුනත් ගන්න පුලුවන්.
No comments:
Post a Comment