කලින් උන පොරොන්දුවට අනුව fiverr වලින් සල්ලි හොයන විදිහ ගැනයි මම මුලින්ම ලියන්න හිතන් ඉන්නේ.fiverr වලින් යමක් කරගන්න පුළුවන් තැනට ඉගෙනගන්න පුළුවන් උනාට පස්සේ අනිත් ඒවා ගැන ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.E dollar වල ප්‍රධාන ඉලක්කය fiverr උනේ හේතු කිහිපයක් හින්දා.
- පටන් ගත්ත දවසේ ඉඳලා ඩොලර් හොයන්න පුළුවන්
- ලංකාවට සල්ලි ගැනීමේදී කිසි අවුලක් නෑ
- අපිට fiverr හරහා උපයන්න ක්‍රම ගොඩක් තියනවා
- අලුත් සාමාජිකයන්ට fiverr community එක සේල්ස් වැඩි කරගන්න උදව් කරනවා
fiverr කියන්නේ මොකද්ද?
fiverr කියන්නේ වෙළඳපොලක් නොයෙක් විදිහේ සේවාවන් විකුණන මිලදී ගන්න තැනක්.හැබැයි මේ සේරම වෙන්නේ ඩොලර් 5 ට.මේ වෙන කොට මයික්‍රෝ ජොබ් අතර fiverr අංක එකේ ඉන්නේ fiverr එක්ක ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් සෑහෙන පිරිසක් ඉන්න නිසා.අනිත් එක තමා විශ්වාසවන්ත බව වැඩි වීම.
අපිට fiverr වල මොනවද කරන්න පුළුවන් ??
ඕනේ දෙයක් කරන්න පුළුවන්.වෙබ් ඩිසයිනින් වලින් පටන් ගත්තහම ගෙදර ඉන්න බල්ලගේ පූසාගේ පොටෝ ගහල විකුණන එක දක්වා.මෙතනින් ගිහින් මුලින්ම ඒ දේවල් ගැන පොඩි අදහසක් ගන්න.හදිස්සි වෙලා රෙජිස්ටර් වෙන්න එපා.ඒකට ටිකක් ඉවසන්න.අපි යන්නේ
fiverr කරන්නනේ ඒ කට මුලින්ම හිතන්න තමන්ට මොනවද කරන්න පුළුවන් කියන එක.කවදහරි දවසක කම්මැලිකම යන්නත් එක්ක පොටෝෂොප් වලින් මොකක් හරි එඩිට් කරලා තියනවද?ඒ ගැන ආසාවක් ඇති උනාද?අන්න ඔයාට කරන්න පුළුවන් දෙයක්.
powerpoint
video editing/creating
photoshop
article writing
facebook /twitter/google plus like
music editing
illustration
web designing
blog commenting
photography
blog writing
ඔය
වගේ දේවල් ගොඩක් තියනවා.මම කියලා තියෙන්නේ ඒවායින් 5% විතර.මේ මොනව
තිබුනත් වැඩක් නෑ අපි කරන්න ඕනේ අපිට පුළුවන් දේ.අපි කරන්නේ අපි මේ දේ
ඩොලර් 5 කට කරනවා කියලා fiverr වල දානවා.ගැණුම් කරුවෙක් ඇවිත්
ඩොලර් 5ක් දීලා අපෙන් සේවාව ලබා ගන්නවා.හැබැයි අපිට ඩොලර් 5 ම හම්බෙන්නේ නෑ
ඒකෙන් ඩොලර් 1 ක් fiverr ට ඩොලර් 4 ක් අපිට.මුන් අපිව ගසාගෙන කනවනේ මුන්ට
හොඳක් වෙන්න එපා කියලා හිතුවොත් එතනම නාන්න තමා වෙන්නේ.ඩොලර් 4 ක් කියන්නේ
අපිට අඩුම තරමේ රු 510 ක් හම්බෙනවා.මුලදලට හරියන දෙයක් කරලා පැය දෙක
තුනකින් රු 500 ක් හෙව්වට පාඩුවක් වෙන්නේ නෑ නේ. fiverr කරනවනම් ඩොලර් 5 ම
ගන්න හිතාගෙන අපි ඩිරෙක්ට් සල්ලි ගන්න ගියොත් සොරිම තමා.ඒවා ගැන ඉස්සරහට
කියලා දෙන්නම්.
fiverr රෙජිස්ටර් වෙමු
මුලින්ම මෙතන ක්ලික් කරලා fiverr වලට යන්න.මෙහෙම පේජ් එකක් එයි.
දැන් රෙජිස්ටර් වෙන්න
කලින් දැන ගන්න ඕනේ දෙවල් ටිකක් තියනවා.සාමාන්‍ය විදිහට ඒ කියන්නේ අපි
ලංකාවේ විදිහට රෙජිස්ටර් උනොත් සේල්ස් අඩු වෙනවා ඒ කියන්නේ අපිට අවාසියක්
වෙනවා කියලා මතයක් තියනවා.ඒක වෙන්නේ මෙහෙම.අපි ග්‍රැෆික් වගේ කරන්න යනවනම්
රට කිසිම අවුලක් නෑ.ඒත් අපි fiverr කරන්න යන්නේ ෆේස්බුක් ට්විටර් ලයික්
ෆලෝ දෙන එකනම් නැත්තම් බැනර් ඇඩ්වර්ටයිසින් වගේ නම් හොඳම විදිහ තමා
ඇමෙරිකන් විදිහට රෙජිස්ටර් වෙන එක.මොකද අපි එක්ක ගණුදෙනු කරන්න එන්නේ
ගොඩක්ම සුද්දෝ ඒ හින්දා ඒ අයගේ විශ්වාසය දිනා ගැනීමයි වැදගත් වෙන්නේ.ඒ
හින්දා මම නම් කියන්නේ ඇමෙරිකන් විදිහට රෙජිස්ටර් වෙන එක තමා හොඳ කියලා.ඒක
කොහොම වෙතත් මෙහෙම දේකුත් තියනවා
පොටෝෂොප් වලින් වැඩිම රේටින්ග්ස් අරගෙන උඩින්ම ඉන්නේ අපේ
කොල්ලෝ දෙන්නෙක් ලංකාවේ විදිහට රෙජිස්ටර් උන.මේ පෝස්ට් එක ටිකක් දිග වැඩි
උන නිසා පහලින් තියන ඒවාට විසඳුම් අරගෙන ඊළඟ පෝස්ට් එකෙන් එන්නම්.කොහොමද ලේසියෙන් ඇමෙරිකන් විදිහට සාර්තකව රෙජිසටර් වෙන්නේ?
fiverr රෙජිස්ටර් වෙද්දි භාවිතා කරන්න ඕනේ ට්‍රික්ස්
පලවෙනි ගිග් එක හදමු

No comments:
Post a Comment