Tuesday, April 28, 2015

E ඩොලර් පටන් ගත්තේ මොකටද??

                        E ඩොලර් වලින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද E ඩොලර් ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ කොහොමද කියන එක ගැන කියලම මම බලාපොරොත්තු උන වැඩේ පටන් ගන්නම්.ඇත්තටම මම  E ඩොලර් පටන් ගත්තේ  E money හොයන්න බලාගෙන ඉන්න අපේ කොල්ලෝ කෙල්ලන්ට E money සාර්ථකව හොයන්න කොහොමද කියන එක ගැන step by step  කියලා දෙන්න.ඊ මනි කිව්ව ගමන් හිතෙන්නේ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන ලේසි ක්‍රම ටිකක් ගැන කියලා දෙන්න යනවා වෙන්න ඇති කියලා හිතෙයි සමහර අයට.නිදි මරාගෙන බ්ලොග් එකක් ලියන්නේ දවසට $0.001 හොයන්න පුළුවන් ඇඩ් ක්ලික් ගැන නම් නෙවෙයි.ජෙනුවින් විදිහට ගේමක් නැතුව මාසෙකට අඩුම තරමේ රු 10,000 ක ටාගට් එකකට යන්නේ කොහොමද කියන එකයි කියන්න යන්නේ.
                      දැන් සමහර අයට හිතෙන්න පුළුවන් මූ පිස්සු කෙලිනවා කියලා.අපි ජාවා ,වෙබ් ඩිසයිනින්,PHP දන්නේ නැතුව කොහොමද ඔච්චර ගානක් නෙට් එකෙන් හොයන්නේ බයිලා තමා කියලා.ඒ අයට දැනගන්නත් එක්ක මම මගේ මාස තුනක ගත්ත සල්ලි ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්.

95+44+132+192 = 463  මාස තුනකදී මම අතට ගත්ත ගාන $463.මේ දවස් වල ඩොලර් එකක් රු 128.50 වගේ වෙනවා.එතකොට 463x128.50 = රු 59,495.50
                   ඹය තියෙන්නේ මම payoneer කාර්ඩ් එක හරහා අපේ රටේ බැංකු වල atm වලින් ගත්ත සල්ලි.මම මොකද්ද කියන්න යන්නේ කියලා දැන් පොඩි වැටහීමක් ඇතිනේ.කොහොමද මම ඔහොම ගානක් හොයාගත්තේ? කවුද මට ඔය සල්ලි දුන්නේ ? කොහොමද අපි ඔයිට වැඩිය ගානක් නෙට් එකෙන් හොයන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නයි  E ඩොලර් පටන් ගත්තේ.
            ලැප ඉස්සරහා නිදා වැටි වැටී පූසාගේ පින්තූරේ ලෝඩ් වෙනකල් ඉඳලා ඇඩ් ක්ලික් කර කර කාලයයි නෙට් පැකේජ් එකේ ඩේටයි නිකන් නාස්ති කරගන්න අය මාසෙකට අඩුම තරමේ(මීට වැඩිය හොයන්න පුළුවන් කියලා මම ෂුවර් කරනවා) රු 10,000 ක් හොයන්න  E ඩොලර් එක්ක දිගටම ඉන්න.
     ඊ මනී ගැන හොයන දවස් වල ගූගල් සර්ච් කර කර නොවිඳිනා දුක් විඳලා i plus බ්ලොග් එකෙන් දැනුමකුත් අරගෙන දැන් මම දෙයියනේ කියලා යහතින් කාලා ඇඳලා ඉන්නවා ඩිප් එකක් කරන කොල්ලෙක් විදිහට.මම සුද්දන්ගෙන් දැනගත්ත දේවල් සහ අත්දැකීමෙන් මම දැනගත්ත ක්‍රම වලින් තවත් එක ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් ගොඩ යනවනම් කියලා හිතුන හින්දයි  E ඩොලර් පටන් ගත්තේ.
අපිට නෙට් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම        
                                   ඇඩ් ක්ලික් කරනවට වඩා ඉන්ටනෙට් එකේ සල්ලි හොයන්න ඔන තරම් ක්‍රම තියනවා
ගූගල් ඇඩ්සෙන්ස් (බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි ඕනේ)
ක්ලික් බෑන්ක්       (සාර්ථක සමාජ අඩවි ගිණුම්)
ෆයිවර්                  (උනන්දුව හා කැපවීම තිබ්බනම් ඇති)
මයික්‍රෝ වර්ක්ස්    ("              "         "              "            )
             තව ගොඩක් විදි තියනවා.ඔය හැම එකක් ගැනම  E ඩොලර් වලින් කියන්න බලාපොරොත්තු වෙනවා.ඒත් අපිට මාස දෙක තුනක් බලාගෙන ඉන්න බෑ මොකක් හරි ගොඩයනකල්.ඒ නිසා මම හිතුවා පටන් ගත්ත දා ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ෆයිවර් වලින් ම  E ඩොලර් පටන් ගන්න.
                      කිසිම දැනුමක් නැතුව වැඩේට අතගහලා දවස් දෙක තුනක් ඇතුලත සුද්දගේ ඩොලර් කඩාගන්න මම කියලා දෙන්නම්.
ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙනකල් ගිහින් එන්නම්.

No comments:

Post a Comment