Tuesday, April 28, 2015

ඩොලර් හොයන්න පටන් ගමු

                            හරි ආයෙත් මම ආවා e-ඩොලර් වලින්.ඒ උනාට තාමත් ඉන්නේ ලෙඩින්.ලෙඩ හැදුනාම තමයි ඒකේ අමාරුව දන්නේ.කොහොමින් කොහොම හරි ඔය කතන්දර හින්දා පොරොන්දු වෙච්ච විදිහට මට ඊළඟ පෝස්ට් එක දාන්න බැරි උනා.ඒ ගැන නම් ඇත්තටම දුකයි.හරි කමක් නෑ ආයෙත් වැඩ පටන් ගමුකෝ.
                       
       ගොඩක් අය කිය දේ තමා අපි fiverr ගිග් දැම්මට මාස අච්චරයි මෙච්චරයි වෙලත් තාම ඕඩර්ස් නෑ කියලා.හැබැයි ඒ ගිග් වලටම දවසට ඕඩර්ස් 3-4 ගන්න අයත් ඉන්නවා.මොකද්ද රහස?ඔය ටික මමත් හොයාගෙන දන්නේ නැති ඔයාලවත් දැනුවත් කරන්නයි මගේ උත්සාහය.ගොඩක්  fiverr  ලංකාවේ විදිහට රෙජිස්ටර් වෙලා ඉන්න අයගේ එකවුන්ට් එකවත් තවම රේට් වෙලා නෑ.මේක ගොඩක් වැදගත් හැබැයි ඉතින් රේට් කරගන්න නම් අනිවා ඕඩ්ර්ස් කම්ප්ලීට් කරන්න වෙනවා.එතකොට මොනවද අපි කරන ගිග්?ඒවාට ඕඩර්ස් එන්නත් ඕනනනේ.
                                     මම  fiverr  පටන් ගත්ත විදිහ කියන්නම්.ඒ කතාවෙන් ඔයාලට වැදගත් දෙයක් තියෙයි.මම  fiverr  වලට බැස්සේ මම දන්න අඳුරන නැදෑ වෙන අයිය කෙනෙක්ගේ වදේට කිව්වොත් හරි. fiverr  මුලින් මටත් හීනයක් තමා අච්චරක් හොයන්න පුළුවන් මෙච්චරක් හොයන්න පුළුවන් කිව්වම හිතින් හිනා යනවා.අර අයියගේ වද කිරීමෙන් පස්සේ I-Plus Blog එක කියවන්න උනා.ඊට පස්සේ තමා ඔලුවට අලුත් දෙයක් වැටුනේ.ඊ මනි ගැන එච්චර හොඳට සිංහලෙන් ලියලා තියෙන බ්ලොග් එකක් තවත් නෑ.දැන් ඒ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැති එකයි අවුල.ඊ මනි කරන ඕන කෙනෙක්ට I-Plus වැදගත් හින්දා මම ලින්ක් එක දානවා අනිවා ඒක බලලා ඉන්න.

http://www.iplusblog.com/
                   
               I-Plus කියෙව්වට පස්සේ මම කල්පනා කලා මොනවද දාන ගිග් ඕඩර්ස් ගන්න.එහෙම ඉඳලා මම ඔලුව ඉස්සුවේ power point වලින්.හැබැයි ඉතින් මේකත් සෙල්ලං නෑ.එපාම වෙන වැඩක්.හැබැයි ඕඩර්ස් ගලාගෙන එනවා.වැඩේ දැනගන්නත් ඕනේ.මම නම් සතියෙන් power point අල ගිය මුලගිය තැන් දැනගත්තා ලින්ඩා අක්කට පින්සිද්ධ වෙන්නයි ගූගල්ට පින්සිද්ධ වෙන්නයි.power point රබර් වගේ තමා.බයර්ගේ හිතට ඇල්ලුවේ නැත්තම් සොරි තමා.මම එක ගිග් එකක් අට පාරක් correction හදලා තියෙනවා.හැබැයි ඒ බයර්ම ඊට පස්සේ මට ඕඩර්ස් 5 කට වැඩිය දුන්නා.අන්න එතනයි වැදගත්.බයර් තුල අපි ගැන ගොඩනැගෙන විශ්වාසය.පස්සට කියන්නම් ඒ ගැන.අවසානෙට මම power point ගිග් එක සස්පෙන්ඩ් කලා ඕඩර්ස් වැඩි වෙලා.කවුරුහරි කරන්න කැමති නම් පටන් ගන්න මම කියන විදිහට අනිවා ඕඩර්ස් තියෙයි.
                                     
ඔයාල ගිග් එකක් හදන්න කලින් ඔලුවේ තියාගන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා.ඒ ටික මේ විදිහට කියන්නම්.


  • ගිග් එකේ title එකයි description එකයි
  • ගිග්  picture එක
  • බයර් එක්ක ඇති කරගන්න විශ්වාසය
  • අලවියෙන් පසු සේවාව
                              දැන් ඔය දේවල් එකින් එක බලමු.

 මුලින්ම ගිග් එකක් හදද්දි අපි ගිග් එකේ මාතෘකාව සුපිරියටම දෙන්න ඕනේ.මෙතනදි කඩ්ඩ ඕනේ වෙනවා.ඒකට කරන්න තියෙන්නේ මුලින්ම අපි දාන්න යන කැටගරි එකේ රේටඩ් ගිග් එකක් හොයාගන්න.ඒකේ title එකයි description එකයි වෙනස් කරලා හරි ඕනෙනම් ඒනම කොපි කරලා හරි දාන්න.ඒ කරද්දි ගිග් description එකට exclusive on fiverr.com  වගේ ඒවා දාන්න.fiverr ගැන වැඩියෙන් කතා කලොත් ගිග් එකට ඔඩර්ස් වැඩි කරන්න එයාලා සපෝට් කරයි.
                 ඊළඟ එක ගිග් එකේ picture එක.මේකනම් පට්ටටම වැදගත්.මම හැම ගිග් එකේම ඕඩර්ස් ගන්නේ ඔය ට්‍රික් එකෙන්.යට තියෙන උදාහරනේ බලන්න.


                  මේකට පොඩි photoshop දැනුමක් ඕනේ වෙනවා.ඉස්සරලම fiverr ඇහැට අහුවෙන්න picture එක හදන්න.ඒකට කරන්න තියෙන්නේ මම දාලා තියෙන විදිහට fiverr / exclusive on fiverr වගේ ඒවා ටිකක් ලොකුවට දාන එක.ඔය දාලා තියෙන්නේ photoshop ගිග් එකක pictures.කාටහරි ඕනෙනම් මේකම පාවිච්චි කරලා බලන්න.picture එක 600x370 සයිස් එකෙන් JPEG ෆොමැට් එකෙන් තියන්න.

                                ඔයාල ඕනේම ගිග් එකක් කරද්දි බයර් එක්ක අදහස් හුවමාරු කරගන්න විදිහ ගොඩක් වැදගත්.මෙතනදි කියන්න ඕනේ අපේ මිනිස්සුන්ට වැඩිය සුද්දා වෙනස්.ෂේප් එකේ කතා කරලා ඕන දෙයක් කරගන්න පුලුවන් ගොඩක් වෙලාවට.ඒ හින්දා කඩ්ඩ එහෙන් මෙහෙන් අහුලගෙන හරි දෙන ටෝක් එක වදින්නම දෙන්න.එහෙම කරපුහම තමන්ටම තේරෙයි මේ බයර් අපි ගැන විශ්වාසයක් හදාගෙන ඉන්නේ කියන එක.ඊට පස්සේ ඒ බයර්ගේ සේරම වැඩ අපිට.මම 10 කට වැඩිය කරපු අය ඕනතරම් ඉන්නවා.සමහර අය ටිප් පවා දෙනවා වැඩ හොඳට කරනකොට.
                                  ඊළඟ එක අලෙවියෙන් පසු සේවාව.ඒකත් වැදගත් ඩිලිවර් කරනකොට දාන මැසේජ් එකෙන් කියන්න මොනවහරි ප්‍රශ්නයක් තියනවනම් කියන්න ඒක නිවැරදි කරන්න අපි කැප වෙලා ඉන්නවා කියන එක.එතකොට වැටෙන්න තියෙන negative feedback එහෙම වැටෙන්නේ නැති වෙයි.වැරදිලාවත්  negative feedback එහෙම වට්ටගන්න එපා හැම ඩිලිවර් එකට positive feedback එකක් දාගනන්න බලන්න.
        කලින් දාන්න හිටිය draft කරපු පෝස්ට් එකක් වැදගත් දේකුත් මේ එක්කම දාන්නම්.
                            ඕඩර්ස් නැතුව ඉන්න අයටත් මේක වැදගත් වෙයි.මේ විදිහ මම දන්න කරලා බැලුව සාර්ථකම ක්‍රමයක්.අපි කරන්න ඕනේ Fiverr customer support එකට බටර් පාරක් ගාලා මැසේජ් එකක් දාන එක.ෆයිවර් පේජ් එකේ යටම මෙහෙම තැනක් තියනවා.
                                               ඔයා fiverr වලට අලුත් නම් දාන් මැසේජ් එකක් “මම fiverr වලට අලුත්.fiverr වල දිග ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.මගේ සේල්ස් වැඩි කරගන්න fiverr සපෝට් එක බලාපොරොත්තු වෙනවා“ ඔය වගේ වදන් ටිකක් දාන්න.අනිවා වැඩේ ගොඩ.
එහෙනම් ජය වේවා!මොනවහරි ප්‍රශ්නයක් තියේනම් අහන්න.

No comments:

Post a Comment