Friday, April 10, 2015

What is E-Money ඔබ Emoney වලට නවකයෙක්ද?



01.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?
 
             ඔව්. ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්. නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ.

02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කෙසේද?
 
             සාමාන්‍ය ජීවිතයේදී අපි ඇගපත මහන්සි කරලා තමා මුදල් උපයන්නේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ මොළය වෙහෙසලා. එම නිසා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ලේසි දෙයක් ලෙස සලකන්න එපා.

03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?

1. PTC Sites(Bux/ Ads Click/Mouse Click) –
            මේවා පසුපස ඕනවට වඩා ඔබ හඹා යන්න එපා. මක් නිසාදයත් ඔබ Emoney වලට නවකයෙක් නිසා ඔබ ව්‍යාජ අඩවි වලට හසුවී Emoney එපා වෙන්න පුලුවන්. අප ලබාදී ඇති වෙබ් අඩවි කීපය පමනක් වැඩ කලානම් හොඳටම ඇති.

2. Mini Data Entry Jobs –
            ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි වැඩ නිමකිරීම තුලින් මුදල් ඉපයිය හැක. (Facebook,Youtube,Gmail,etc..)
උදා: Microworkers,

3. Data Entry Jobs –
            මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම. තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා, නවාතැන් පහසුකම්, විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයියහැක. මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතුනැත.
(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)                                                                                                                                                          උදා: -Odesk, Freelancers……

4. උත්සාහයෙන් මුදල් ඉපයීම -
              ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක. ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක. ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc…)
උදා: – Fiverr, Gigbucks….

5. ඉංග්‍රීසි ලිපි ලිවීම තුලින් මුදල් ඉපයීම -
              ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙනමාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter….

6. PPC Sites –
              තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන ඇඩ් දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: – Google Adsense,

7. Affiliate Marketing –
             අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම. භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: – Clickbank,. Ebay..

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?

                           අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බව, ඔයා මේ බ්ලොග් එක කියවනවා නම් දන්නවා ඇතිනේ. ගොඩක් දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන වැරදියට හිතාගෙන ඉන්නවා. ඔයත් ඒවගේ වැරදිමත වල ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයාට මේ වැරදි අදහස් හින්දා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැරි වෙන්නත් පුලුවන්.
 
                           සමහරවිට ඔයා තාමත් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක්, නවකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා මේ මොකක්ද කරන්න යන්නේ කියලා හරියට දැනගෙන පටන් ගන්න එක තමයි හොඳම දේ.

No comments:

Post a Comment