ඔයාටත් මේ වැරදි අදහස් තියෙනව
නම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන
පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.
1.
නොමිලේ මුදල් හොයන්න පුලුවන්.
ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න
පුලුවන්, නමුත් ඔයාට
කවදාවත් නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න
පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ
කියන වචනයත් එක්ක වෙන්න ඇති.
කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑ, ඔයා
කරන මොකක් හරි වැදගත්කමක් ඇතිදේකට
තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා
නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේ, දැන්
ඒ මතය අයින් කරගන්න වෙලාවයි.
2.
නිකං ඉඳලා මුදල් සෙවීම.
මේකත් ටිකක් මුලින් කිව්ව දේට
සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං
ඉඳලා සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා
නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ
හොයන සුළු මුදලත් හොයන්නේ, එයාලා
Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.
කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයට, ඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳලා මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්, ඔයා වැඩිකල් යන්නේ නැතුව, මේ ගමන නවත්තනවා.
3.
මුකුත් නොදැන මුදල් හොයන්න.
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්
මුකුත් දන්නේ නැති අයට නෙමෙයි, මොනාහරි දෙයක්, ක්ෂේත්‍රයක්
ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව
වැරදිමත දෙකම නිවැරදිමත වුනානම් මේකත් නිවැරදි
වෙන්න තිබුනා. ඒත් කවදාවත්
එහෙම වෙන්නේ නෑ.
PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයි, මුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියි, එහෙම හිටියොත්.දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..? දැනගන්න බැහැයි කියන්න පුලුවන් දේවල් බොහෝම අතලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයා කැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.
4.
Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක්
උපයන්න බැහැ.
මේක තමයි තවත් ලොකුම වැරදි
මතයක් වෙන්නේ, ඔයාට
තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි
තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.?
ඔයා මේ ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්නම්
ඔයා අනිවාර්යෙන් මේ ප්‍රෂ්ණයට ‘බැහැ’ යන
උත්තරය දෙයි.
ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොට, ඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත්වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේ, ඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕනනැතිකම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න
පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්මවිශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම
ලොකු Goal එකකට ලගාවෙන්න
පුලුවන්.
5.
අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ
පට්ට වෘත්තියක් නෙමෙයි.
ඔයාට තැනකට ගිහිල්ලා ඔයාගේ ජීවන වෘත්තිය
(Occupation)
මොකක්ද කියලා ඇහුවම
අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා
කියන්න බැරිවෙන්න පුලුවන්. ඒත් මේක
ඔයා හිතන තරම් චාටර් ජීවන වෘත්තියක් නෙමෙයි
කවදාවත්.
හරියට අන්තර්ජාලයෙන් මුදල් හොයන අය මේ දේට කියන්නේ මෙන්න මේ වගේ නම් Internet Marketing, Internet Entrepreneur, Online Marketer. මොකද ඒ නම් ගැළපෙන හින්දා තමයි ඒවා පාවිච්චි කරන්නේ.
ඔයාගේ අසල්වැසියෝ හිතයි, ඔයා රැකියාවක් කරන්නේ නැතුව ගෙදර නිකං ඉන්නවාකියලා, නමුත් ඔයාට පුලුවන් ඒ අයට විස්තර කරල කියන්න ඔයා කරන්නේ මොනවද කියලා. ඕනම අලුත් දෙයක් දිහා මුලින්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට ඒක ඒ අලුත් දෙහි වරදක් නෙමෙයි, ඒ බලන කෙනාට තියෙන නොදැනීම, නුහුරුකම. මේක Professional Occupation එකක් කියලා මේක හරියට කරනකොට ඔයාට තේරුම් යයි.
No comments:
Post a Comment